තල්දුව බෞද්ධ මහා විද්‍යාලය
වර්ෂ 1890 දී තල්දුව මැල් බංගලා වත්තෙන් පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ වූ අප විදුහල පසුව පරම විඤානාර්ථ බෞද්ධ සමාගමේ පාසලක් ලෙස මග ගෙවා 1960 දශකයේ අරුණෝදයත් සමග රජයේ පාසලක් ලෙස ව්‍යවස්ථාපිත වීමෙන් පසු 1972 දී දැනට පාසල පවතින භූමි භාගයට පාසල ගෙන ඒම හා 1987 දී 1සී වර්ගයේ මහා විද්‍යාලයක් බවට පත් වීමත් අනතුරුව 1991 කදී තල්දූව පර්ෂද මූලස්ථාඅන පාසල වීමත් 1997 දී ගරු ජනාධිපතිනියගේ සංකල්පයක් අනුව ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් ඩී.එස්.ඩී ව්‍යාපෘතිය යටතේ සියලුම භෞතික හා මානව සම්පත් ලබමින් ඉතා සීඝ්‍රයෙන් දියුණුව කරා පිය නගමින් සිටින පාසලක් බවටත් පත් වී ඇත.අප පාසලේ පළමු විදුහල්පතිතුමා ලෙස එස්. දෙමටගේ ගුරු මහත්මා නම් කර ඇත.